බහුතර නියෝජනයේ සම්ප්‍රදාය ඩලස් හෙළිකරයි

නොවැ 23, 2018

    තේරීම් කාරක සභාවට බහුතර නියෝජනය, ආණ්ඩු පක්ෂයට ලබාදීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පවසයි.

    අතීතයේ සිට පැවති සියලු තේරීම් කාරක සභාවන්හි එම පොදු සම්මතය දක්නට ලැබුණු බවයි, ඔහු පෙන්වා දෙන්නේ. සෑම පාර්ලිමේන්තු සභාවාරයක් ආරම්භයේ දීම තේරීම් කාරක සභාවක් පත් කිරීම කථානායකවරයාගේ වගකීමක්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනූව, කාරක සභාවල සංයුතිය, සාමාජික සංඛ්‍යාව, ඒවායේ කර්තව්‍ය සහ ඝනපූර්ණය තීරණය කිරීම සඳහා විධිවිධාන සළසා තිබේ. තේරීම් කාරක සභාවේ මූලිකත්වයෙන් අනුකාරක සභා ක්‍රියාත්මකයි. එවැනි අනුකාරක සභා 12ක් වත්මන් පාර්ලිමේන්තුව තුළ පිහිටුවිය යුතුයි. ඒ,

    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
    ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
    ගෘහ්‍ය කාරක සභාව
    ආචාර ධර්ම සව වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
    ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
    අමාත්‍යාංශයිය උපදේශක කාරක සභාව
    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
    මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
    උසස් නිලතල පිළිබඳ කාරක සභාව
    පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

    අද පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් කථානායකවරයා අතීතයේ සිට පැවති පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝණය කර ඇති බවයි.

    Latest News