කොළඹට හෙට පැය 18ක් වතුර නැහැ

නොවැ 23, 2018

    කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙ.ව 8.00 සිට අනිද්දා (25) අළුයම 2.00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

    කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මීට අමතරව රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය යන ප්‍රදේශවලට මෙම කාලය තුල ජල සැපයුම අත්හිටුවේ.

    මේ අතර, කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලි බලය සැපයීම අත්හිටුවීමක් හේතුවෙන් (27) දින පෙ.ව 8.30 සිට 11.30 දක්වා පැය 13ක කාලයක් පහත ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවේ.

    මේ අනූව, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද / නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර / මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවේ.

    Last modified on සෙනසුරාදා, 24 නොවැම්බර් 2018 07:33

    Latest News