ඥාණසාර හිමිට එරෙහි අභියාචනය ඉවතට

නොවැ 23, 2018

    2007 වසරේ දීමාලබේ කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභහානි කිරිමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස්කර ගැනේ.

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනය දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබුණි.

    අභියාචනය මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිය විසින් එය පවත්වා ගෙනයාමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවට මූලික විරෝධතාවක් මතුකර තිබුණ.

    එම වාතාවරණය මත අදාළ අභියාචනය අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි. ඒ අනුව අභියාචනාව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියේය.

    අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් නියෝගය තහවුරු කරන බව නිවේදනය කෙරිණ.

    2007 වසරේ මාලඹේ පිහිටි කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී පහර දී අලාභහානි සිදු කළේ යැයි චෝදනා යටතේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණ. දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණය විත්තිකාර ඥානසාර හිමියන් ඇතුළු දහතුන් දෙනා එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට නියම කලේය.

    එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර කියා සිටියේ තීන්දුව නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් මහාධිකරණ තීන්දුව අවලංගු කර විත්තිකරුවන් වරදකරුවන් කරන ලෙස එම අභියාචනයෙන් ඉල්ලා තිබුණ.

    Last modified on සිකුරාදා, 23 නොවැම්බර් 2018 17:33

    Latest News