කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට

සැප් 08, 2019

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ශික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පුවීම හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මේ අතර කාන්තාවන් 13 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.

    තුවාල ලැබුවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

     

    Latest News