එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා යාපනයෙන් අද ඇරඹේ..

සැප් 07, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනය යාපනය මුට්රවේලි ප්‍රදේශයේ දී අද ආරම්භ වෙයි.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන්. නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින්, ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සංවිධාන කරන්නේ මුදල් අමාත්‍යාංශය මගින්. යාපනය දිස්ත්‍රික්කයට ආවේනික කර්මාන්ත නංවාලීමේ අරමුණින් කාර්මික, කෘෂිකාර්මික,ධීවර හා සංචාරක යන ක්ෂේත්‍රයන්ට මෙහි දී මූලිකත්වය දෙනු ලැබේ. ව්‍යාපාර නැංවීමට ණය සහන ලබාදීම ප්‍රායෝගික තලයට ගෙනඒම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වෙයි.

    උතුරේ ව්‍යවසායකයන් තවදුරටත් ශක්තිමත් කරමින් නව පරපුර ව්‍යවසායකත්වය අපේක්ෂාවන්ට යොමු කිරීමද තවත් අරමුණක්. ව්‍යවසායකත්ව, රාජ්‍ය හා පෞද්ගලික අංශ, අධ්‍යාපන, හරිත, නව නිපැයුම්,වාණිජ හා මාධ්‍ය ලෙස එම කලාප නම්කර තිබේ. කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය උපෙදස් හා පහසුකම් සැලසීමද මෙහි දී සැලසෙයි. පෙරවරු 10.00 සිට රාත්‍රී 12.00 දක්වා ප්‍රදර්ශනය විවෘතයි. සෑම දිනකම රාත්‍රී දකුණු ඉන්දියානු සංගීත ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංගීත සංදර්ශනය ද පැවැත්වේ.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 19:01

    Latest News