එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය ගැටලු විසඳීම අද කිරිඳිවැල දී

සැප් 21, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය මුදල් ලබා ගැනීමේ දී පැන නඟින ගැටලුවලට විසඳුම් ලබාදීමේ දිස්ත්‍රික් මට්ටමේ ජංගම සේවා වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඒ අනුව ආයෝජකයන්ට අවශ්‍ය ණය මුදල් ලබා ගැනීමේ දී පැන නඟින ගැටලුවලට විසඳුම් ලබාදීමේ ජංගම සේවාව අද සහ හෙට (21,22) කිරිඳිවැල මහා විද්‍යාලයේ දී පැවැත්වේ. ලබන සති අන්තයේ (28, 29) දෙදින පුත්තලම, මන්නාරම, ගාල්ල දිස්ත්‍රික්කවල ද ඔක්තෝම්බර් 5, 6 දිනවල මාතර හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද මේ ජංගම සේවාව පැවැත්වේ.

    මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මෙය සිදුකෙරේ. මෙහි දී ආයෝජකයන්ට පහත සඳහන් සේවාවන් ලබාගත හැක. ණය අයදුම්පත් නිකුත් කිරීම, බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය උපදේශන සේවාවන්, ව්‍යාපාර හා සමාගම් ලියාපදිංචි කිරීමේ පහසුකම්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සිදුකෙරේ. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක ඇරැඹුම වැඩසටහන යටතේ උපාධිධාරීන් ලියාපදිංචි කිරීම සංචාරක සංවර්ධන අධිකාරිය මඟින්, සංචාරක හෝටල් හා සුළු නිවාස නිකේතන (Homestays) සඳහා උපදේශන සේවා හා අනුමැතිය ලබාදීම් සඳහා සහාය ලබාදේ. තම ව්‍යාපාර යෝජනා සුදසු පරිදි සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව බැංකු සඳහා අවශ්‍ය ව්‍යාපාර යෝජනා සකස් කර දීම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සොදුරු පියස ණය යෝජනා ක්‍රමයේ ණය අයදුම්පත් ලබාදීම, ණය අයදුම්කරුවන්ගේ ණය ලබා ගැනීමේ ගැටලු නිරාකරණය කිරීම් මුදල් අමාත්‍යාංශය මගින් විශේෂ ණය සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳ උපදේශන සේවාවන් යන සේවාවන් ජංගම සේවා පරිශ්‍රයේ දී ලබා ගත හැකිවේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය, සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් ණය යොජනා හඳුන්වා දී ඇති අතර, ඉන් කෘෂිකර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, නිවාස ඉදිකිරීම් හා රැකවරණ ණය යෝජනා ක්‍රම ප්‍රධාන වේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ක්‍රියාත්මක මේ ණය යෝජනා ක්‍රමය මඟින් බිහිවන නව ව්‍යාපාරික ප්‍රජාව හරහා රටෙහි සංවර්ධනය වේගවත් කිරීම බලාපොරොත්තු වන අතර, ඉන් ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 07:37

    Latest News