කුලියාපිටිය රෝහල අද සිට ශික්ෂණ රෝහලක් වෙයි

අගෝ 31, 2019

    කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) වන දින පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදු කෙරේ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට වැයකර ඇති මුදල රුපියල් මිලියන 17,512 ක්. ශික්ෂණ රෝහල මහල් 09 කින් යුක්තයි.

    මහාචාර්ය ඒකකයක්, මහල් 15 කින් යුත් හදිසි අනතුරු ප්‍රතිනාර ඒකකයක් සහ වාට්ටු සංකීර්ණයක්, පස් මහල් බාහිර රෝගී අංශයක්, මහල් 09 කින් යුතු වෛද්‍ය නිල නිවාස සංකීර්ණයකින් ද සමන්විත වේ.

    Last modified on සෙනසුරාදා, 31 අගෝස්තු 2019 07:40

    Latest News