සෞම්‍යමුර්ති තොණ්ඩමන් 106 වෙනි ජන්ම දින සමරුව

අගෝ 30, 2019

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 106 වෙනි ජන්ම දිනය අදට (30) යෙදි ඇත.

    ජනාධිපති ලේකම් කාර්යයාලය ඉදිරිපිට පිහිටි සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මහතාගේ පිලිරුවට එම පක්ෂයේ වත්මන් නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු පක්ෂ ජෙෂ්‍යඨයින් රැසක් මල් මාල පලදවා, පුෂ්ප උපහාර දැක්වු වුහ. ඉන් අනතුරුව කොල්ලුපිටිය මල් පාරේ පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි ද සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ පුජාවක්ද පැවැත්විණ.

    අද පස්වරුවේ කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදිද සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් පැවැත් විමට නියමිතය.

    thondaman1 px 900 19 08 30

    Latest News