වැල්ලවාය තෙලුල්ලේ අනතුරකින් 05කට තුවාල

අගෝ 30, 2019

    වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රි සිදු වූ අනතුරකින් කුඩා ලමුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා තිබේ. තිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

    අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කෙරිණ. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ හම්බෙගමුව ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වූ තිරෝද රථයකි. තුවාල ලැබූවන් වැල්ලවාය මාලේවන යාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි. රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 12:59

    Latest News