පළාත් සභා ඡන්දය ගැන දයාසිරිගෙන් ඉඟියක්

ජන 18, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවක් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණ.

    පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කළේය.

    අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්වරයා...“ පළාත් සභා 6ක් දැන් මේ වෙනකොට කිසිදු අමාත්‍යවරයෙක්, ප්‍රධාන අමාත්‍යවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරු නැති පළාත් සභා පවත්වන්නේ නැති තත්වයකට පත්වෙලා තියෙනවා. ඒ සියල්ලම ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ තියෙන්නේ.

    ඒ නිසා අද පළාත් සභා ක්‍රමය තුළ විශාල අර්බුද ගණනාවක් මතුව තිබෙනවා. දින 50 ආණ්ඩුවේදී මේ සම්බන්ධව අපි සාකච්ජා කරලා කැබිනට් පත්‍රිකාවක් අනුමත කළා පරණ ක්‍රමයට මැතිවරණය තියන්න.

    2018 නොවැම්බර් 13 ගෙනාපු ඒ කැබිනට් පත්‍රිකාව සියයට 25 කාන්තා සංශෝධනයත් එක්ක ඇතුලත් කරලා පාර්ලිමේන්තුවට වහාම ගේන්න අපි ඒකට සියයට සියයක් සහයෝගය දෙන්න සූදානම් විපක්‍ෂය හැටියට.

    ඒක ක්‍රියාත්මක වුණොත් පැහැදිලිව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රකාශ කළා අප්‍රේල් හෝ මැයි මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න පුලුවන් කියලා“. යැයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

    Latest News