සන්ධානය: අය-වැයට ඡන්දය දීමේ තිරණය

මාර් 04, 2019

    අයවැයට ඡන්දය දීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමේ තීරණය හෙට (5) පෙරවරුවේ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (4) පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඒ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කරන බව කී මන්ත‍්‍රීවරයා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වී අවසන් තීරණයක් ගන්නා බව ද ඔශු කියා සිටි.

    2019 වසරේ අයවැයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති අමාත්‍යාංශවල වැය ශීර්ෂ සෙසු අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

    ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කරන බව පවසන්නේ මත්කුඩුවලට එරෙහිව ජනපති ගෙන යන වැඩපිළිවෙළ පරාජය කරවීමට අවශ්‍ය මන්ත‍්‍රීවරුන් බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 19:58

    Latest News