පොහොට්ටුව සමඟ එක්ව ශ්‍රීලනිප යන්න හදන ගමන

දෙසැ 08, 2018

    පොදුජන එක්සත් පෙරමුණ සමඟ එකතු වීමෙන් දේශපාලන ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය කටයුතු සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

    මේ ගමන සඳහා කුමන බාධක පැමිණිය ද ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා පක්ෂ දෙක ගිවිසුම්ගතව සිටින බව ද ඔහු කියා සිටියේය. ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදසා මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී ජනපති නිල නිවසේ දී පැවැත්විණ. ඒ සඳහා මධ්‍යම කාරක සභාවේ සියළුම නියෝජිතයින් සහභාගී විය. එහෙත්, පක්ෂයේ අනුශාසකවරුන් සහභාගී නොවුන බව ද මහ ලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් මහතා අවධාරණය කළේය.

    මාධ්‍යවෙත අදහස් දැක්වූ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා...

    අද පැවති මාධ්‍යම කාරක සභාවේ දී වර්තමාන දේශපාලන ගැටළු ගැන අපි පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ජා කළා..අධිකරණය විසින් ලබාදීමට නියමිත තීන්දුව සම්බන්ධයෙන් අපි සුභවාදීව කල්පනා කරමින් සිටිනවා..කුමන තීන්දුවක් ලැබුණ ද සුභවාදීව කටයුතු කිරීමට අවශ්‍ය ආයතනික ව්‍යුහය සංවිධාන ව්‍යුහය ශක්තිමක් කිරීම කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. ඉදිරියේ දී කුමන මැතිවරණයක් පැමිණිය ද ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ අවස්ථාවේ දී අපි සකස්කරමින් සිටිනවා.. ස්වාධීන අධිකරණයක් පිළිබඳව අපේ තිබෙන විශ්වාසය ඒ විදිහෙමයි..වෙනත් පක්ෂවල දේශපාලන නායකයින් මැතිවරණ තීන්දු ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් අධිකරණ කටයුතුවලට බාධාවන කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා සිය සතුට පළ කළා.. දැනට පක්ෂයේ පුරප්පාඩුවී තිබෙන ආසන සංවිධායක ධුරයන් කඩිනමින් පිරවීමටත්, අළුතින් එක්වන ලක්ෂ 15කට ආසන්න ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය ප්‍රචාරක වැඩපිළිවෙළක් පිළිබඳවත් ජනාධිපතිතුමා අදහස් පළ කළා.. එමෙන්ම, පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට අවශ්‍ය ප්‍රචාරක අරමුදලක් සහ ප්‍රවර්ධන කටයුතු සඳහා සමාජ මාධ්‍ය කෙසේ ද භාවිතයට ගන්නේ යන්න, පිළිබඳව ද මෙහි දී සාකච්ජාව වුණා.. අගමැති ධුරය ක්‍රියාත්මක නොවුන ද ජනාධිපතිතුමාට පුළුවන් විධායක බලතල යටතේ පරිපාලන ව්‍යුවහය සමඟ එක්ව රටේ සංවර්ධනය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒ කටයුතු දැනට සිදු වෙමින් පවතිනවා. රට තුළ ඉතාම සාමකාමී තත්වයක් පවතිනවා.. විශේෂයෙන් කියන්න ඕන කාර්මික සාමය හොඳින් පවතිනවා...

    මාධ්‍යවේදීන් - එක්සත් ජාතික පක්ෂය විවිධ වැජසටහන් ක්‍රිය්තමක කරනවා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තවම එවැනි ව්‍යාපෘතියක නැත්තේ ඇයි?

    ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා - “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවර උත්සාහක් දැරුවත් විනාශ කරන්නට බැහැ.. මේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ දරුවන් පක්ෂය කඩාගෙන ගොස් වෙන දේශපාලන පක්ෂ පිහිටවනු ලැබුවා.. ඒ වගේම, වෙන පක්ෂ සමඟ එක්වුණා.. අපේ පක්ෂයේ නායකයන් ඝාතනය කරනු ලැබුවා.. අගමැතිනියට බෝම්බ ප්‍රහාර එල්ල කෙරුවා.. මේ කවර දෙයකින්වත් අපගේ පක්ෂය විනාශ වුනේ නැහැ..නැවත ගොඩනැගීම පමණයි සිදුවුණේ..පොඩි මිනිහ වෙනුවෙන් හිටපු පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය..රටේ සංවර්ධනය වෙනුවෙන්, ක්‍රියාකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය..ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් අමතක වෙන්නේ නැහැ.. කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ අව්‍යාජව පවතින ව්‍යාපාරයක්...අපේ පොදු සතුරා යූඑන්පී එක..එයට එරෙහිව සියලු බලමුළු ගන්වන්න අවශ්‍යයි.. අපේ නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබ්බා...එවැනි කණ්ඩායමක් සුරතල් කිරීම ද අවශ්‍ය වන්නේ..

    මාධ්‍යවේදීන් - පොදුජන එක්සත් පෙරමුණ පසුගිය ඡන්දය ජය ගත්තා, එය අභියෝගයක් නොවේද?

    ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා - “පොහොට්ටුව අපිට කිසිම අභියෝගයක් නැහැ..පොහොට්ටුවේ ඉන්නේ වර්තමාන අගමැතිවරයා..අපේ පොදු සන්ධානයක් තියෙනවා..ඒක නිසා අපි ඉදිරියට එකතුවෙලා ගමනක් යනවා..සිත් අමනාපකම්, එරෙහිකම් පවතින්න පුළුවන්..නමුත්, අපි උත්සාහ කරන්නේ ජාතික අරමුණ වෙනුවෙන් එකතුවෙලා ගමනක් යන්න..යැයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා....

    Last modified on සෙනසුරාදා, 08 දෙසැම්බර් 2018 10:41

    Latest News