UNP ජනපති අපේක්ෂකයා ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවිමෙන් පසු

අගෝ 29, 2019

    එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ, මැතිවරණ කොමිසන් සභාව විසින්. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව බව, එම පක්‍ෂය පවසයි.

    මීට අදාළව දැනට මතුව ඇති සාකච්ජාව පිළිබඳ අදහස් දක්වමින් පක්‍ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මේ බව පැවසීය. ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීම සඳහා පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කළ යුතුයි. ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගනු ලබන්නේ, එම මණ්ඩලය විසින්.

    එහිදී තෝරා ගන්නා අපේක්‍ෂකයාගේ නාමය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළ යුතු බව නානායක්කාර මහතා සඳහන් කළේය. මෙම ප්‍රතිපාදන සහිතව පක්‍ෂ ව්‍යවස්ථාව සකසන ලද්දේ දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් බවද නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පෙන්වා දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2019 20:45

    Latest News