එක්සත් ජාතික පක්ෂයේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ..... ඇමති කබීර්

සැප් 04, 2019

    ඉදිරි මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්සය ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරන බව පක්ෂ සභාපති, මහාමාර්ග සහ මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
    අමාත්‍ය කබීර් හෂීම් මහතා....

    බොහෝ දෙනෙක් මේ දිනවල විවිධ මත ප‍්‍රකාශ කරනවා. විශේෂයෙන් අපගේ ප‍්‍රතිවාදීන් ප‍්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ අසමගිය, ප‍්‍රශ්ණ තියෙන බව. නමුත් එහි කිසිම සත්‍යයක් නැහැ. එහෙම කිසිම දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඉතාමත් සමගියෙන් එකතු වෙලා තීන්දු තීරණ ගන්න පක්ෂයක්. අනෙත් පක්ෂවලට වඩා ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තීන්දු තීරණ ගන්න පක්ෂයක්. ඒ නිසා කාටත් තමන්ගේ මතය, අදහස් ප‍්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. මේ වන විට පක්ෂ මූලස්ථානයේ සාමන්‍ය කටයුතු වගේම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා සියළු දෙනා සමගියෙන් එකතුව කටයුතු කරගෙන යනවා. තව දින කිහිපයකින් පක්ෂයේ අගමැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එකතු වෙලා සාකච්ඡා කරලා ඉදිරි මැතිවරණය වෙනුවෙන් ගන්නා පියවර පිලිබඳ රටම දැනුවත් කරන්න කටයුතු කරනවා යැයි ඔහු පෙන්වා දුනී.

    Last modified on බදාදා, 04 සැප්තැම්බර් 2019 17:41

    Latest News