ජනපති අත්සනින් දුම්රිය යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට

අගෝ 28, 2019

    දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 

    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක බව එහි සඳහන්වේ.

    මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂම හා අඛණ්ඩව පවත්වාගෙන යාම, දුම්රිය ධාවනය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයිමට අදාළව සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු කවර ආකාරයේ සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම සිදුකළ යුතු බව එම ගැසට් නිවේදනයේන් නියෝග කර තිබේ.

    දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය මාස ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

    trainesentialservice1 px 90

    Latest News