අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුට මාංචු

නොවැ 22, 2018

    කටුනායක ගුවන්තොටුපොළේ දී ඉන්දියාවේ - චෙන්නායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සතුව තිබී මෙත්ඇම්පිටමින් (අයිස්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගැනුණි.

    වටිනාකම රුපියල් ලක්ෂ 63ක්. 56 හැවිරිදි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් හාරීෂ් නමැති සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු අද දින (22) මීගමුව අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

    Latest News