යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ

අගෝ 23, 2019

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබේ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම අද (23) සිදුකරනු ලැබූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියි. මීට පෙර එම තනතරේ කටයුතු කළේ නව යුද හමුදාපති ලිතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

    මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මේ වන විට යුද්ධ හමුදාවේ ස්වේච්ජා බල සේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහු යුද හමුදා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙකි.

    ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව යුද්ධ හමුදාව විසින් පිහිටවනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරිවරයා ලෙසද මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ක්‍රියා කළේය. එමෙන්ම ඔහු පසුගිය මානූෂීය මෙහෙයුමේදී ද සාර්ථක නිලධාරියෙක් ලෙස රාජකාරී ඉටු කළේය.

    Latest News