එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක ගැන සභාපති කබීර් මාධ්‍යට කියුදේ

අගෝ 21, 2019

    එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති-ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විණ.

    එහිදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව සාකච්ජා කර ඇති බව වාර්තාවේ. රැස්වීමෙන් අනතුරුව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මාධ්‍යයට අදහස් දැක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම්....

    “පළමුව පක්‍ෂය තුළ කතා කරලා ඊට පස්සේ පක්‍ෂ නායකයින් සමඟ සාකච්ජා කරලා අපි දිනයක් නියම කරනවා සන්ධානය හදන්නයි, ගිවිසුම අත්සන් කරන්නයි. ඉදිරි දිනයක අපි බලාපොරොත්තු වෙනවා එදාම අපේක්‍ෂකයව රටට හඳුන්වා දෙන්න“ යැයි කබීර් හෂීම් මහතා පැවසීය.

    අමාත්‍ය මංගල සමරවීර....

    ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්, පක්‍ෂයක් හැටියට අපි සියලු දෙනාගේම අනුමැතිය ඇතිව සාකච්ජා කරලා අද වෙනකොට තීන්දුවක් ගන්නවා. සන්ධානය සම්බන්ධයෙන් බොහෝම හොඳ තත්වයක් ඇතිවෙලා තියෙනවා යැයි මංගල සමරවීර මහතා පැවසීය.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 20:19

    Latest News