වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනයට සැකකරුවෙක් අත්අඩංගුවට

අගෝ 20, 2019

    වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ - කුලීගොඩ මංසන්ධියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු ඊයේ හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 63ක් සහ සිමා කඩ්පත් 14ක් ද සොයා ගැනිණ.

    පසුගිය 3 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබිණ. ඝාතනයට ලක්වූ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් 44 හැවිරිදි තිළිණ රුවන් තිහාර ජයරත්න, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 09:08

    Latest News