පෑලියගොඩ නිවාස 14ක් ගිනිබත් වෙයි

අගෝ 20, 2019

    පෑලියගොඩ,පෝරණුකොටුව වත්තේ නිවාස පේළියක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

    ගින්න හටගැනුණේ ඊයේ(19) රාත්‍රී 7.40 ට පමණ.පෑලියගොඩ පොලීසිය හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

    කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, පේළියේ නිවාස 14 කට පමණ හානි සිදුව තිබේ. පෑලිය‍‍ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 09:07

    Latest News