අට මසකට පෙර අතුරුදහන් තිදරු පියෙකුගේ අස්ථි කොටස් පරික්ෂකට (ඡායාරූප)

අගෝ 19, 2019

    පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) හමු වු බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසියි.

    හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා අද ස්ථාන පරික්ෂාව සිදු කළේය.

    සොයාගත් අස්ථි කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කර එම වාර්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බගවන්තලාව පොලිසියට නියෝග කෙරිණ. මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කල ස්ථාන පරික්ෂාවට හැටන් දික්ඔය මුලික රොහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝක රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් රැසක්ද සහභාගි වුයේය.

    nuwaraeliyamurder1 px 900 1

    බගවන්තලාව චැපල්ටන් තේ වතුයායේ මාන පදුරු මත තිබි හමු වු අස්ථි කොටස් බගවන්තලාව කොටියාගල වතුයායේ පදිංචිව සිටි පෙරුමාල් සෙල්වම්ගේ (42) ඔහු බිරිද සහ දරුවන් පවසා තිබේ. අස්ථි කොටස් ආසන්නයේ තිබු රෙදි කැබලි කිහිපයකින් හේතුවෙන් එම අස්ථි කොටස් අතුරුදහන් වු අයගේ බවට සැකකරන බවයි පොලිසිය පවසයි.

    nuwaraeliyamurder2 px 900 1

    nuwaraeliyamurder3 px 900 1

    අතුරුදහන් වු පෙරුමාල් සෙල්වම්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය කල පුළුල් විමර්ෂණයකදි හෙලිවි ඇත්තේ එය තවදුරටත් ක්‍රියාකාරි තත්ත්වයේ පවතින බවයි. එම ජංගම දුරකථනයේ ඉමි අංකය අනුව වර්තමානයේ එම දුරකථනය භාවිතා කරන වතු කම්කරු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම් සිදුකර තිබේ. එම කාන්තාව විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් 17 වැනිදා අස්ථි කොටස් තිබෙන ස්ථානයට යාබදව දුරකථනයක් නාද වෙමින් තිබු බවත්, එම දුරකථනය අයිතිකරුවෙකු නොමැති නිසා රැගෙන වෙනත් සිම් කාඩ් පතක් යොදා ගනිමින් ජංගම දුරකථනය භාවිතා කල බවයි.

      nuwaraeliyamurder4 px 900 1

    Latest News