ප්‍රදේශ කිහිපයකට අපරභාගයේ ගිගුරුම් සහිත වැසි

අගෝ 18, 2019

    අපර භාගයේ දී ගිගුරුම් සහිත වැසි වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    උතුර, උතුරු මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද හටගනු ඇති. යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක තද වැසි අපේක්‍ෂා කළ හැකියි. සෙසු පළාත්වල අපරභාගයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ දැක්වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා ක්‍ෂණිකව ඉහළයාමේ හැකියාවක් පවතී. එවිට එම මුහුදු ප්‍රදේශ විටින්විට ඉතා රළු විය හැකියි.

    කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවලත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට ඉහළ යා හැක. එය පැයට කිලෝ මීටර 50ත්, 55ත් වනු ඇති බව කාලගුණ නිවේදනයේ දැක්වේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළ විය හැකියි. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද ඉල්ලීමක් කෙරේ. 

    Latest News