එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝත්තුවරයෙක් දිවයිනට

අගෝ 14, 2019

    ආගමික හා විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ රපෝත්තුවරයා වන අහමඩ් ෂහීඩ් චාරිකාවක් සඳහා හෙට දිවයිනට පැමිණෙයි.

    මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මේ බව නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ් හෙට සිට ලබන 25 දක්වා දිවයිනේ රැඳී සිටිමින්, විවිධ පාර්ශවයන් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    එහිදී, ආගමික හා විශ්වාසයන් පිළිබඳ නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති. අහමඩ් ෂහීඩ් දින 12ක සිය චාරිකාව අතරතුර, රජයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය සේවකයන්, ආගමික කණ්ඩායම් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද මුණ ගැසීමට අපේක්ෂිතයි.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 11:54

    Latest News