සෝමාවතියේ මඩේ එරී සිටි අලි පැටවෙකුගේ දිවි බේරයි...

අගෝ 14, 2019

    සෝමාවතී ජාතික ජලගැලුම් නිමිති උද්‍යානයේ මඩේ එරී අසාධ්‍ය තත්වයේ සිටි වන අලි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට ස්වාමීන් වහන්සේ නමක් ප්‍රමුඛ තරුණ පිරිසකට හැකි වී තිබේ.

    ප්‍රදේශයට පවතින දැඩි නියඟයත් සමඟ මෙම අලි පැටවා ආහාර සොයා මුකලන් පට්ටිය කුඹුරු යායට පැමිණ තිබේ. අවුරුදු 2ක් පමණ වයසැති අලි පැටවා එහි මඩේ එරී සිටිය දී සොයා ගනු ලැබීය. අලි පැටවා පුලස්තිගම විහාරස්ථානයට ගෙනවුත් ප්‍රතිකාර කළ අතර, අලියා මේ වන විට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි, වාර්තාකරු පවසන්නේ.

    මේ පිළිබඳව ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහල ද දැනුවත් කෙරුණු අතර, වනජීවී පශු වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ වැඩිදුර ප්‍රතිකාර කිරීමට නියමිතයි.

     

     

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 11:40

    Latest News