බලය ගැනීමට සිවිල් හා දේශපාලන පුළුල් සංධානයක්: මෙවර බැරිදේ ඉදිරි 5 වසරදී (විඩියෝ)

අගෝ 11, 2019
  • සිවිල් සංවිධාන ඇතුළු සියළු පාර්ශව එක් කරගත් එක්සත් ජාතික පක්ෂය, පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

    එක්සත් ජාතික පක්ෂය යනු දුප්පතා වෙනුවෙන් සිටින දේශපාලන පක්ෂයක්. ඉදිරියේ දී සිවිල් සංවිධාන සියල්ල එක් කර ගනිමින් පුළුල් එක්සත් පෙරමුණක් නිර්මාණය කරනවා යැයි රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. තවදුරටත් කියා සිටියේ වෙලේ කමතේ මෙන්ම ජනතා නායකයින් බහිකරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

    මේ අවුරුදු 5 තුළ සිදු කිරීමට නොහැකි වු සියළු දේ ඉදිරි අවුරුදු 5 දී සිදු කරන බවත් ඔහු කියා සිටියේය. එ අනුව ඉදිරි අවුරුදු 10කට රට ගෙන යාමට අවශ්‍ය පරිසරය ඇති කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 14:36

    Latest News