අලුත්ම නාටකය නාමල්ගෙන්

අගෝ 11, 2019

    රටේ ජනතාවගේ පවතින ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට නොහැකි වූ ආණ්ඩුවත් විපක්ෂයත් කාලෙන් කාලෙට විවිධ නාටක රැගෙන එන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

    ඒ පිලිඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ සඳහා ජනතාව නොරැවටිය යුතු බවයි.

    දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    ජනාධිපති අපේක්ෂක තෝරන රංගනය වර්තමානයේ අලුත්ම නාටකය බවට පත්ව ඇති බව ඔහු පැවසිය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීම ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයා තෝරන හා සමාන තරගකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට මාධ්‍ය මගින් විශාල පුළුල් ප්‍රචාරයක් ලබාදී ජනතාව නොමඟ යැවීම සිදු කරන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී සඳහන් කළේය.

    ජනමාධ්‍යද ඒ ආකාරයට හැසිරෙමින් රටේ බරපතලම ප්‍රශ්නය ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න බවට පත් කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

    Latest News