පොදු ව්‍යාපාර කරක සභාව මාධ්‍යයට විවෘතයි: වගකීමෙන් ක්‍රියා කරන්න - කතානායක

අගෝ 08, 2019

    පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීම් මාධ්‍යයට විවෘත කිරිමට තීරණය කර තිබේ.

    එ අනුව පොදු ව්‍යාපාර කරක සභාව ආවරණය කිරීමට සවිකර තිබෙන කැමර පද්ධතිය භාරදීම හෙට (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවේ.

    කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීම මාධ්‍යයට විවෘත කරන බවයි. මාධ්‍ය වගකීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කර සිටියේ ය.

    පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් ඉදිරි පියවරක් ලෙස සඳහන් කිරීමට කැමැති බවද කතානායකවරයා සඳහන් කළේ ය.

    මෙහිදී අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා; කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම අගය කරන බව කීය. ආංශික අධීක්ෂණ කාරක සභාත් මාධ්‍යයට විවෘත කිරීමට කටයුතු කර දෙන්නැයි ඉල්ලා සිටියේ ය.

    ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 12:44

    Latest News