ගර්භාෂය වෙනුවට අතක් ඉවත් කලාට රාජිතගේ නියෝගයෙන් පරීක්ෂණයක්

අගෝ 07, 2019

    ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් වෙනුවෙන් මාරවිල රෝහලට ඇතුලත් කර සිටි කාන්තාවකගේ අතක් සිරුරෙන් ඉවත් කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.

    සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්ථාපනය කර ඇති පරීක්ෂණ ඒකකය වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් මාරවිල රෝහල වෙත යැවීමට නියමිතයි.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 12:42

    Latest News