රාජ්‍ය ආයතනවල රැස්වීම් වලදීත් දැන් සෞඛ්‍ය සම්පන්න ආහාර

අගෝ 07, 2019

    රාජ්‍ය ආයතන වල රැස්වීම් හා පුහුණු වැඩසටහන් අතරතුර පිරිනැමිය හැකි ආකර්ෂණීය, රසවත්, විවිධත්වයකින් යුතු සෞඛ්‍යමත්ආහාරපාන පිළිබද මාර්ගෝපදේශනයක් Eats at Meets – Reloaded ලෙස පසුගියදා එළි දැක්විණි.

    දක්ෂිණපාය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේදී මෙම මාර්ගෝපදේශනය එළිදුක්වීමේ උළෙල පැවැත්විණි.

    රාජයයය හා ද්ගලික ආයතන වල රැස්වීම් හා පුහුණු වැඩසටහන් අතරතුර පිරිනැමෙනුයේ බොහෝ විට සෞඛ්‍යයට අහිතකර ආහාර පානයි.
    මෙවැනි අවස්ථා සදහා සෞඛ්‍යමත් ආහාර වර්ග තෝරාගැනීමට ඇතැම් ආයතන මෑතක සිට පෙළඹී තිබීම පැසසිය යුත්තක් වුවද වරණයන් සීමා සහිත හෙයින් සෞඛ්‍යමත් ආහාර වුවද ඒකාකාරී ලෙස පිරිනමන අවස්ථා
    දක්නට ලැබේ. එම ආහාර ආකර්ශනීය නොවන බවක් මෙන්ම සපයාගැනීමට අපහසු බවක් පෙන්නුම් කෙරේ. එම ගැටලු සියල්ලට පිළියමක් වශයෙන් මෙම මාර්ගෝපදේශනය එළිදක්වා ඇත.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 07:42

    Latest News