අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අදත් ජනපති කොමිසමට

අගෝ 07, 2019

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අද යළිත් රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ.

    ඒ, පාසල් පෙළ පොත්වල විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධ විමර්ශනයේදී සාක්ෂි දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා සිටි අයි.එම්.කේ.බී ඉලංගසිංහ මහතාට දුන් ස්ථාන මාරුව අවලංගු කරන ලෙස කොමිසම දුන් නියෝගය ක්‍රියාත්මක වූවා දැයි සනාථ කර ගැනීම සඳහායි.

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 07:58

    Latest News