අවශ්‍ය පරිදි ඉන්ධන ලබා ගැනීමට නොහැකි වුවහොත්, කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වන බවට බලපි‍ටිය, කොස්ගොඩ, ගල්බොක්ක ප්‍රදේශයේ ධීවරයින් අනතුරු අඟවනවා.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළු ධීවර යාත්‍රා මුහුදු යාම අත්හිටුවන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රිකුණාමලය, එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින සිදුකෙරිණ.

දේවහුව ජලාශයේ ජලය නොමැතිවීම හේතුවෙන් දිනපතා විශාල ලෙස මත්ස්‍යයන් මිය යන බව වාර්තාවේ.

මන්නාරම, ඕලුතුඩුවායි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ තොගයක් සොයා ගෙන තිබේ.

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

දෙහිවල මුහුදු තීරයෙන් ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුව දෙහිවල කඩමත්ත ප්‍රදේශයේ දී අනතුරට ලක්වීම නිසා ⁣දෙදෙනෙකු මියගොස් තිබේ.

ලබන 20 වැනිදා දක්වා මන්නාරම සිට පුත්තලම,කොළඹ,ගාල්ල,හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ රළු ස්වභාවය නිසා ධීවර කටයුතු නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Latest News