ඩයගම වතුයායේ ගින්නකින් නිවාස 12ක් ගිනිබත්

අගෝ 06, 2019

    ඊයේ රාත්‍රී ඩයගම, ෂැන්ඩ්‍රින්හැම් වතු යායේ කම්කරු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

    ඉන් පසුව 9ක සාමාජිකයන් 49 දෙනෙකු අවතැන්වූ බවයි, ඩයගම පොලීසිය පවසන්නේ. ගින්නෙන් නිවාස තුළ තිබූ වතු කම්කරුවන්ගේ වටිනා ලියකියවිලි ඇතුළු දේපල විනාශයට පත්විය. කිසිඳු ජීවිත හානියක් සිදුවී නැහැ. අවතැන්වූවන් ඩයගම ෂැන්ඩ්‍රින්හැම් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව ලැගුම් ගෙන තිබේ.

    ආගරපතන ප්‍රාදේශීය සභාව අවතැන්වූවන්ට පහසුකම් සැපයීමට පියවර අරන්. විදුලිය කාන්දුවිමක් ගින්නට හේතු වන්නට ඇතැයි, සැක කෙරෙන අතර, ඩයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 08:11

    Latest News