කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ අලුත්ගම පිහිටි නිවසට කිසියම් කණ්ඩායමක් හොර රහසේ ඇතුලු වී නිවස පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙන බව අප වාර්තාකරු පවසයි.

වැලිමඩ, නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ දැඩි සුළඟ හේතුවෙන් නිවාස 28 කට හානි සිදුවී තිබේ. පාසල් සිසුවියක් ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරිණ.

ඊයේ රාත්‍රී ඩයගම, ෂැන්ඩ්‍රින්හැම් වතු යායේ කම්කරු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන්ම විනාශ විය.

Latest News