පොලීසියේ 73ක ස්ථාන මාරුවීම්

අගෝ 06, 2019

    පොලිස් නිලධාරීන් 73දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට පහළ තනතුරුවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකුට හා කාන්තා පොලිස් අධිකාරීවරියකට මෙහිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් විසි හතරදෙනෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසි දෙදෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දි ඇති බව රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

     

     

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 08:18

    Latest News