මෙරටදී නිපදවු නවීන අත් ට්‍රැක්ටරයක් (විඩියෝ)

අගෝ 05, 2019
  • කෘෂි කර්මාන්තය, වර්තමානයේ සිදු කෙරෙන්නේ තාක්‍ෂණය භාවිතයෙන්.

    බොහෝ තාක්‍ෂණික උපාංග විදෙස් නිෂ්පාදන. මේ අතර අපට වාර්තා වුණා, කෘෂිකාර්මික කටයුතු සඳහා වඩා ඵලදායි ලෙස නිෂ්පාදනය කළ අත්ට්‍රැක්ටරයක් පිළිබඳව. දැනට පවතින විශාල ට්‍රැක්ටරය සහ අත් ට්‍රැක්ටරය අතර මධ්‍යම ප්‍රමාණයෙන් මෙය නිෂ්පාදනය කර තිබේ. මෙම අත්ට්‍රැක්ටරයේ ඇති බොහෝ උපාංග නවීන පහසුකම්වලින් සමන්විතයි. චීනයෙන් ගෙන්වන ලද අමතර කොටස් භාවිතයෙන් මෙරටදීම අත් ට්‍රැක්ටරය නිපදවා තිබේ. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය සහ උපදෙස් අනුවයි.

    එදිනෙදා කටයුතුවලදී සිදුවන අනතුරු අධ්‍යයනය කරමින් මෙම නව රථ නිෂ්පාදනය කර තිබේ. එහි පේට්න් අයිතියට ද නිෂ්පාදකයින් ඉල්ලුම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 12:07

    Latest News