අද උසස්පෙළ ඇරඹේ..අයඳුම්කරුවන් 337,704ක්..

අගෝ 05, 2019

    අපොස උසස් පෙළ විභාගය අද සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වේ.

    මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතරක් විභාගයට පෙනී සිටී. විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,678ක්. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 315ක්. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විභාගය සම්බන්ධව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. විභාගය ආරම්භ වන්නේ පෙරවරු 8.30ට. සියලු අයදුම්කරුවන් පෙරවරු 8.00ට පෙර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතුවේ. අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ හැකියි. මෙවර විභාගයේ දී අයදුම්කරුවන් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකතන හා විද්්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදුකිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ.

    එවැනි වංචා සිදුකරන අයදුම්කරුවන්ට වසර පහක් පුරා විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන සියලු විභාග සඳහා පෙනී සිටිමට අවසර නොමැත. විභාගය පැවැත්වෙද්දී බාහිර පාර්ශ්වයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම්, ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා පොලිස් මූලස්ථානයට දැනුම් දීමට ශාලාධිපතිවරුන් දැනුවත් කර තිබේ. සෑම පැමිණිල්ලක්ම සොයා බැලීමට විමර්ශන කණ්ඩායම් ද සූදානම්. විභාග අධීක්‍ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප්‍රදේශයකටම යොමු කර තිබේ. විභාගය සම්බන්ධ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදු කරන්නේ නම්, ඒවා සම්බන්ධව පහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දිය හැකියි. ඒ, 1911 ක්‍ෂණික ඇමතුම් අංකය හා 011-2784208, 011-2784537, 011-3188350 හා 011-3140314 යන අංකවලටයි.

    මෙවර 5 වසර ශිෂ්‍යත්වය අද පැවැත්විණ. ඊට සිසුන් තුන් ලක්‍ෂ තිස්නව දහස් තුන්සිය හැටනව දෙනෙකු සහභාගි වූහ.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 15:28

    Latest News