මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් හිමි කර ගෙන තිබෙනවා.

2019,2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගී නොවූ අපේක්ෂකයින්ට අද (19) සිට නැවත එම පරීක්ෂණ ආරම්භ වන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.

අපොස උසස් පෙළ විභාගය අද සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වේ.

Latest News