7කට දිවි දී මෙලොවින් සමුගත් මලියදේව විහඟනාට ‘A’ 3යි

සැප් 05, 2023
    මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත්දෙනකුට ජීවිතය දුන් කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් හිමි කර ගෙන තිබෙනවා.

    ඒ අනූව, ඇය කුරුණෑගල දිස්ත්රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා. ඇයට හිමිව ඇති ඉසෙඩ් අගය 1.7ක්.

    විහඟනා සිසුවිය ඇයගේ ශරීර අවයව කැමැත්තෙන් දන්දී තිබූ අතර ඇයගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු රෝගියකුට බද්ධ කෙරුණා.
     
    මේ අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙණහලු අකර්මණ්ය වීමෙන් අසාධ්ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්යවරියකට වීමද විශේෂත්වයක්.
    මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවද එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේ දී සිදු කළ ප්රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වුණා.
     
    මීට අමතරව ඇයගෙන් ලබා ගත් වකුගඩු දෙකද අසාධ්ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කර තිබුණා.
     
    ඇයගෙන් ලබා ගත් අක්මාව සහ අක්ෂි පටලද තවත් පුද්ගලයන් තිදෙනකුට නීරෝගි ජීවිතයක් ලබා දුන්නා. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබා ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනකුටම නැවත ජීවය ලැබී තිබීමද විශේෂත්වයක්.
     
    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඇය මාර්තු 22 වැනිදා මෙලෙව හැර ගියේ තවත් පුද්ගලයන් හත් දෙනෙකුට ජීවිත දානය ලබා දෙමින්.

    Latest News