රේගුව ඇල්ලූ කුරුල්ලන්

නොවැ 18, 2018

    රුපියල් 69 ලක්ෂයක් වටිනා දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණි.

    අද උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මොවුන් පැමිණ ඇති අතර ගමන් මළු පරීක්ෂාවේ දී මෙම දුම්වැටි තොගය රේගු නිලධාරීන්ට හමුව තිබේ. සැකකරුවන් අවුරුදු 31, 49, 40 හා 36 වයස්වල පසුවන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    මේ අතර සිංගප්පූරුවේ සිට පක්ෂි විශේෂයක් දෙකක් රැගෙන පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ද ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස රැගෙනවිත් ඇත්තේ ගිරවුන් 10 දෙනෙක් සහ ලව් බර්ට්ස් නමැති කුරුල්ලන් 10 දෙනෙකු වේ. වටිනාකම හය ලක්ෂ 50,000ක් වේ. රුපියල් ලක්ෂයක දඩ මුදලක් මෙම පක්ෂීන් නිදහස් කර තිබේ.

    Latest News