කොළඹ මුද්දර දැක්ම අ‍ගෝ. 02 සිට

ජූලි 31, 2019

    කොළඹ මුද්දර දැක්ම අගෝස්තු 02,03 හා 04 දියන්හිදී පැවැත්වේ. ඒ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි, තැපැල් මූලස්ථානයේදී. එම සංවිධාන කරුන ලබන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ විසින්.

    පැරණි මුද්දර,කාසි නෝට්ටු මෙන්ම දෙස් විදෙස් නව මුද්දර මිලදී ගැනීමටද, මුද්දර හා ඒ ආශ්‍රිත අයිතම මුද්දර ඇල්බම්, 1857 සිට නිකුත් කෙරුණු මෙරට මුද්දර ඇතුළත් මුද්දර නාමාවලිය හා මුද්දර ආශ්‍රිත බොහෝ දේ මෙහි නැරඹීමට හා දී මිලදී ගැනීමට හැකියි.

    විශේෂයෙන්ම පාසල් ළමුන් හා මුද්දර එකතු කිරීමේ විනෝදාංශයට යොමුවීම වෙනුවෙන් වන මුද්දර කාර්යාංශ සාමාජිකත්වය ලබා ගැනීමද, ඔබේ රුව යෙදු මුද්දර මිලදී ගැනීමට ද මෙහිදී හැකියාව ලැබෙයි.

    Last modified on බදාදා, 31 ජූලි 2019 08:27

    Latest News