ගුණාත්මක සංචාරක කර්මාන්තයකට අළුත් මඟක්

ජූලි 31, 2019

    ශ්‍රී ලංකාව තුළ සුදුසුකම් නොමැති සංචාරක මඟ පෙන්වන්නේ හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක වෘත්තිකයන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

    ගුණාත්මක තත්වයෙන් යුතු සංචාරක මඟ පෙන්වන්නන්, මෙම කර්මාන්තයේ යෙදවීමේ අරමුණින් වැඩපිළිවෙළ දියත් කළ බව, සංචාරක වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද බ්‍රැන්ඩි ගම්පළ මහතා පවසයි. මේ වන විට දිවයින පුරා සංචාරක මඟ පෙන්වන්නන් හා ඒ ආශ්‍රිත වෘත්තියන්හි නරත වන පුද්ගලයන් විසි දහසක් පමණ සිටියි. ඔවුන් පූර්ණ කාලීව මෙම වෘත්තියේ නිරත වෙයි. එමෙන්ම, කිසිඳු බලපත්‍ර හා සුදුසුකමක් නොමැති පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් ද සංචාරකයින්ට මඟ පෙන්වමින් සිටිනු දැකගත හැකියි.

    නිසි පුණුවක් නොලද මෙම පිරිස වැරදි තොරතුරු ලබාදීම නිසා, සංචාරකයන් බොහෝ අවස්ථාවල අසීරුතාවට පත්වෙයි. සීගිරියේ කරන ලද වැටලීම්වල දී එක් දිනක් තුළ පැමිණි සංචාරක මඟ පෙන්වනන් 900ක් අතුරෙන් 300 දෙනෙක්ම ව්‍යාජ සංචාරක මඟ පෙන්වන්නන් බවයි,මහින්ද බ්‍රැන්ඩි ගම්පළ මහතා පවසන්නේ. මේ වන විට සීගිරිය, පෙළොන්නරුව, දඹුල්ල, අනුරාධපුරය, මහනුවර ඇතුළු සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන්හි බලපත්‍ර නොමැති සංචාරක මඟ පෙන්වන්නන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ දියත් කර තිබේ. එහිදී සුදුසුකම් සහිත පුද්ගලයන් සිටින්නේ නම්, ඔවුන්ට රජයේ නිසි පුහුණුවක් ලබාදී නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාදීමට මැදිහත් වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 31 ජූලි 2019 10:19

    Latest News