හෙට කොළඹ ජල කරාම හිස්

පෙබ 09, 2024
    කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙබරවාරි 10 වැනි දින සිට ප.ව.5.00 පසුදා (11) පෙ.ව. 8.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම් අත්හිටුවනු ලැබේ. ඒ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘති මගින් සිදුකරන අත්‍යාවශ්‍ය කටයුත්තක් හේතුවෙන්.

    ඒ අනුව කොළඹ 11,12,13,14, 15 ප්‍රදේශවලට ජල සැලයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

    අත්‍යාවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසද එම මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබෙනවා.

    Latest News