පරිගණක දත්ත සොරකමට එරෙහි හිටපු නගරාධිපති ජනක රණවකට ඔක් 03 යළි අධිකරණයට

ජූලි 30, 2019

    පරිගණක දත්ත සොරකම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 03 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. 

    කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබීය.  එහිදී විත්තිකාර ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව සමථයට පත් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ බව දන්වා සිටියේය.

    ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඔක්තෝම්බර් මස 03 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා රජයේ නීතිඥවරයාට නියම කළේය.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ වත්මන් නගරාධිපති මධුර විතානගේ මහතා එම නගර සභාවේ උප නගරාධිපති ලෙස කටයුතු කළ අවදියේ ඒ මහතාගේ පෞද්ගලික පරිගණකයේ තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 30 ජූලි 2019 13:02

    Latest News