සේනාගෙන් බැටකෑ ගොවීන්ට මිලියන 21ක වන්දි

ජූලි 29, 2019

    සේනා දළඹු උවදුරින් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගා වෙනුවෙන් ප්‍රථම අදියර යටතේ වන්දි ගෙවීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අතින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (29) අද සිදුවිය.

    මහියංණය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පූර්ණ හානියට පත් බඩඉරිගු වගා බිම් අක්කර 530 ක් වෙනුවෙන් ගොවීන් 388 දෙනෙක් සදහා රුපියල් මිලියන 21 ක චෙක්පත් මෙහිදී ප්‍රධානය කෙරිණ. කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේ සදහා මුදල් ප්‍රතිපාදන ලබාදී තිබේ.

    Last modified on සදුදා, 29 ජූලි 2019 14:30

    Latest News