සේනා දළඹුවා හේතුවෙන් වගා හානි සඳහා වන්දි

දෙසැ 18, 2020

    සේනා දළඹුවා සිදුකරන වගා හානි වෙනුවෙන් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සදහා මේ වනවිටත් විවිධ පියවර ගෙන තිබේ.

    මේ වනවිට අනුරාධපුර, පොළොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩ ඉරිගු වගාවන් ආශ්‍රිතව මෙම දළඹු ව්‍යාප්තිය සිදුව තිබේ.

    ජීව විද්‍යාත්මකව ස්පොඩප්ටෙරා, ෆෘජුප්‍රේඩා යන නාමයෙන් හදුන්වන සළඹයාගේ කීට අවස්ථාව ලෙස සේනා දළඹුවා සැලකෙයි. මෙම සත්ත්වයා මුල්වරට හමුවූයේ 2010 වසරේදී ඇමෙරිකාවෙන්.

    පසුව අප්‍රිකානු රටවලට ද එතැන් සිට තවත් රටවල් ගණනාවකට ව්‍යාප්ත වූ සේනා දළඹුවා මෙරටින් පළමුවරට හමුවූයේ 2018 වසරේදීයි. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගාවන් ආශ්‍රිතවයි.

    එළවළු,පළතුරු ඇතුළු බෝග සියයක පමණ පත්‍ර හා බීජවලට සේනා දළඹුවා හානි සිදුකරයි.

    Latest News