සේනා දළඹුවා සිදුකරන වගා හානි වෙනුවෙන් වන්දි ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සදහා මේ වනවිටත් විවිධ පියවර ගෙන තිබේ.

සේනා දළඹුවා ව්‍යාප්තිය පාලනයට පියවර ගෙන ඇතැයි,කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම් ඩබ්ලිව් වී‍රකෝන් මහතා පවසයි.

සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු පවසති.

සේනා දළඹු උවදුරින් හානියට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගා වෙනුවෙන් ප්‍රථම අදියර යටතේ වන්දි ගෙවීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය අතින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (29) අද සිදුවිය.

පණු විශේෂයක් පැතිර යාම හේතුවෙන් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ වී වගාවට හානි සිදුව තිබේ.

සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට  අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත් එමගින් “සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිළක මහත්මිය ප්‍රකාශ කරයි.

මිලියන 250න් නොනැවතී සේනා දලඹුවන්ගෙන් හානි වූ ගොවිබිම් සදහා වන්දි ලබා දෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

Latest News