X කිරණ ඒකකය - භික්ෂු වාට්ටුව ජනපතිගෙන් ජනතා අයිතියට

ජූලි 29, 2019

    ඇහැලියගොඩ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය, භික්ෂු වාට්ටුව හා එක්ස් කිරණ ඒකකය අද ජනතා අයිතියට පත් කෙරේ.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. රුපිය්ල කෝටි 20ක් වැය කර, ඉදි කෙරුණු පස් මහල් වාට්ටු සංකිර්ණයේ පළමු අදියරයි අද විවෘත කෙරෙන්නේ. පළමු අදියර යටතේ ගොඩනැගිලි සංකීර්ණයේ මහල් තුනක ඉදිකිරීම් අවසන් කර තිබේ.

    වාට්ටු සංකීර්ණය ඇඳන් 120කින් සමන්විතයි. දෙවැනි අදියරේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කිරීමට නියමිතයි. සබරගමුව පළාත් සභාව ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 800ක්. දෙවැනි අදියරට ඇඳන් 80ක් අයත්. රුපියල් ලක්ෂ 65ක වියදමින් ඇහැලියගොඩ රෝහල් පරිශ්‍රයේ නව භික්ෂූ වාට්ටුවක් ද ඉදිකර තිබේ.

    Last modified on සදුදා, 29 ජූලි 2019 17:42

    Latest News