බොහෝ දුරට පළාත් සභා මැතිවරණයක් - අමරවීර

ජූලි 28, 2019

    ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

    ‍මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද විධායක ජනාධිපති ධූරය අහෝසීකරණ බව ප්‍රකාශ කළද එය එසේ සිදු නොවූ බව මන්ත්‍රීවරයා කියා සිටියේය. ඉදිරියේ දී තේරි පත්වන ජනාධිපතිවරයාද විධායක ජනාධිපති ධූරය අහෝසී නොකරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

    එහිදී මැතිවරණය ගැන පවසමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇති බවයි. සූරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.

    Latest News