රාජ්‍ය ඇමති රන්ජන්ගේ සමාජ මාධ්‍ය සෙවීමට අගමැතිගෙන් කමිටුවක්

ජූලි 25, 2019

    මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය ගැන පල කළ අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාලවල පළ වු වීඩියෝ විමර්ශනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

    රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ හා එළිදක්වා ඇති වීඩියෝ පිළිබඳව විධිමත් විමර්ශනයක් කර, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අගමැතිට යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පැවරි ඇත.

    Latest News