සම්බාධක පවුර බිඳිමට ඉරාන ඉන්ධන වෙනුවන් සිලෝන් T

ජූලි 25, 2019

    ඉරානයට තේ අපනයනය කිරීම නව පිළිවෙතක් යටතේ සිදුකිරිමට තිරණය කර තිබේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන්, මහා මාර්ග හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, තේ අපනයනකරුවන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිළධාරීන් සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදි නව එකඟතාව ඇතිවි තිබේ.

    ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක හේතුවෙන් ශ්‍රි ලංකාවේ තේ අපනයනය සිමාවි ඇත. සීමා වී තිබූ තේ අපනයන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පැවති සාකච්ඡා සාර්ථක වු බව වැවිලි කර්මාන්ත අමාතයංශය පවසයි.

    එ අනුව ඉරානයෙන් මිළදි ගත් ඉන්ධන සඳහා ගෙවීමට ඇති මුදල් වෙනුවෙන් තේ අපනයනය හරහා පියවීමට සියලු පාර්ශවයන් එකඟවි තිබේ. නව ක්‍රමය යටතේ අගෝස්තු මස අවසන් වීමට පෙර ඉරානයට සිලෝන් ටී අපනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍ය නවින් දිසානායක අවධානරය කළේය.

     

    Latest News